වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ නවතම කෘතිය වන ‘රට කට හා හෙට’ පාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ් (සුරස) ප්රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත්ව ඇත. කෘතිය නිර්මාණය වී ඇත්තේ. රටේ දේශපාලන, සමාජ හා සෞඛ්‍ය ක්ෂේත්රයන්ට අදාළ පොදු හා කාලීන මාතෘකා විසි හයකිනි. කෘතියට පසුවදනක් සපයන මහාචාර්ය කාලෝ පොන්සේකා මහතා පවසන්නේ, කතුවරයා ප්‍රධානව ඉලක්ක කොට ගෙන ඇත්තේ, වර්තමානයේ රට තුළ පවතින, එහෙත් ඇතැමුන්ට හරි හැටි නොදැනෙන සැබෑව බවය.
කෘතිය සඳහා වන හැඳින්වීමේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාලිය කුලරත්න මහතා සඳහන් කොට ඇත්තේ, කතුවරයා සමාජයේ සූක්ෂ්ම යටිතලය අන්වීක්ෂීය ලෙස අවලෝකනය කරන සමාජ විද්‍යාඥයකු ලෙස සිය වෛද්‍ය විද්‍යා දැනුම හා න්‍යාය සමස්ත සමාජ යාන්ත්‍රණයේ අන්‍යොන්‍ය අනුබද්ධතාව සමඟ සමඟ ගලපා ඇති බවය.